Thursday, February 19, 2026
Follow Us
ජනාධිපති අපේක්ෂක ගෝඨා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (20) දහවල් 12.00ට මැතිවරණ කොමිසමේ දී සිදු කිරීමට නියමිතයි.

ඒ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන්.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 03 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කරනු ලැබ තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා, ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ සහ ස්වාධීන පක්ෂ අපේක්ෂක සිරිපාල අමරසිංහ යන අය විසින් මෙලෙස ඇප තැන්පත් කළ අයයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් මස 16 වනදායි.

(Neth)