Thursday, February 19, 2026
Follow Us
හිටපු යුද හමුදාපති ඉදිරි ජනාධිපතිවරණයනේ යළි මතුවෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණයේදී විකල්ප පාර්ශ්වයකට සහය දැක්වීමට සූදානමින් පසුවනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව තහවුරු කළා.

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහය දක්වන කණ්ඩායමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු ප‍්‍රධාන නිලධාරියෙකු සහ හිටපු අගවිනිසුරුවරයෙකු ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

රටේ පවතින දේශපාලන ක‍්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව මෙම කණ්ඩායමේ සිටින සාමාජිකයින්ගේ අදහස වී තිබෙනවා.

(Neth)