Monday, February 02, 2026
Follow Us
මැයි 09 සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ වාර්තාව එළිදක්වයි

මැයි 09 වනදා ගාලු මුවදොර ඇතිවූ සිද්ධියේදි හානියටපත් පාර්ෂවයන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.

එම සිද්ධියේදී පොලීසිය සිය මූලික වගකීම ඉටු කර නොමැති බව ඒ සම්බන්ධයෙන් සිය කොමිසම සිදු කළ විමර්ශනයේදී හෙලි වූ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි පැවසුවේ.

සාමකාමි විරෝධතාකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබදීමට සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වීමෙන් පොලිස්පතිවරයා රාජකාරිය කඩ කර ඇති බවද මානව හිමිකම් කොමිසම නිකුත් කළ විමර්ශන වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව එම සිද්ධියට සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පොලිස් නිලධාරීන්ගෙන් එවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා ලෙස එම කොමිසම ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබෙනවා.

Neth