Monday, February 02, 2026
Follow Us
නව ජනපතිගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද

හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.

මේ අතර හෙට (27) විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ දැනට ක්‍රියාත්මක හදිසි නිතී රෙගුලාසිවලට අදාළ පාර්ලිමේන්තු විවාදය වෙනුවෙනි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කර දින 14 ක් ඇතුළත ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතුයි.

ඒ සඳහා වන විවාදය හෙට උදෑසන 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ.

Aruna