Thursday, February 19, 2026
Follow Us
දයාසිරි, ජනපති අපේක්ෂකයෙකු වේ යැයි පොහොට්ටුව සැකයෙන්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සූදානමින් සිටින්නේ යැයි සැකයක් මතුවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ මේ බව සදහන් කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණය වැළැක්වීමට කටයුතු කරන බොහෝ පුද්ගලයින්, මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ යැයි චෝදනා ලැබූ පුද්ගලයින් බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ එහිදී කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


(Neth)