Friday, May 17, 2024
Follow Us
ජවිපෙ සීනුව ලකුණ අතහරී

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත පැවසුවා.

ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවමු සංවාදශීලී ජනහමුව මැයෙන් සූදානම් කර තිබූ ජනබලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින් ඊයේ (15) ඔහු මේ බව සඳහන් කළා.

ස්වේච්ඡා සංවිධාන 30 ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බවත් සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුණ ද පත්වන ජනාධිපතිවරයා පවතින ආණ්ඩුව විසුරුවා හැරීම සිදුකරන බවත් මාර්තු මාසය පමණ වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් රට තුළ පැවැත්වෙන බවද අවධාරණය කළා.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනු ලබන්නේ ජාතික ජනබලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද හෙතෙම කියා සිටියා.

(Neth)