Friday, May 17, 2024
Follow Us
එජාපයේ ජනපති අපේක්ෂකයා දින 10ක් තුළ

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා දින 10ක් තුළ නම් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ පැවති අර්බුධ මේ වන විට අවසන් වී ඇති බවයි.

පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ අතර (14) පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙම අදහස් පල කළේ මහනුවරදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

(Neth)