Friday, May 17, 2024
Follow Us
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ශ්‍රීලනිප පළමු සම්මේලනය අද - එහි අරමුණ දයාසිරි කියයි

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය පළමු සම්මේලනය රත්නපුරයේදී අද (15) පවත්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි අරමුණු පැහැදිළි කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ "මෙහි අරමුණ වන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් දැනුවත් කිරීමයි. ඔවුන්ගේ අදහස් අනුව ඊළඟ ක්‍රියාමාර්ගවලට අපි යා යුතුයි. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරලා ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමු වීම තමයි මෙහි මූලික අරමුණ." යනුවෙනි.

පාක්ෂිකයින් දැනුවත් කිරීම සඳහා සහ ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා වන මෙවැනි සම්මේලන සෙසු දිස්ති‍්‍රක්කවල ද ඉදිරියේදී සංවිධාන කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මෙහිදී කියා සිටියේ.

(Neth)