Friday, May 03, 2024
Follow Us
මේ රට හදන්න බැරි නම් හදන්න රටක් නැහැ- අනුර

මේ රට හදන්න බැරි නම් හදන්න රටක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

දිසානායක මහතා මේ බව සඳහන් කළේ වැඩ කරන ජනතා සමුළුව අමතමිනි.

රටට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකි අතර නව දිශාවකට යොමුකළ යුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.

"මැතිවරණ දිනපොත අනුව මේ වසර අග ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයකදී අපේක්ෂා කරන්නේ එළෙඹෙන වසර පහක කාලය සඳහා රටේ පාලනයට තෝරා ගන්නේ කවර කණ්ඩායමද යන්න තීරණය කිරීමයි. මෙය පළමු අවස්ථාව නොවෙයි. නමුත් අපේ රටේ ජනතාව මීට පෙර අවස්ථාවලදී ඒ සඳහා හොඳම තෝරා ගැනීම සිදුකිරීමට අසමත්ව තිබෙනවා. ඔවුන් තෝරා ගත නායකයින්, කණ්ඩායම් රට ගෙන ගොස් තිබෙන්නේ විනාශකාරී අන්තයකටයි."

තවදුරටත් රටට එම විනාශයම අත්වීමට දිය යුතු නැති අතර අප විසින් රට භාරගත යුතු බව අනුර දිසානායක මහතා කියා සිටියේය.

රට ගොඩනැගීම තනි පුද්ගලයෙකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලියක් නොවන බවත් එය සාමූහික ක්‍රියාවලියක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව රට ගොඩනගන දැනුම ලබාදෙන වෘත්තීයවේදීන්ගේ සහ රට මෙහෙයවන වැඩකරන ජනතාවගේ මැදිහත්වීමද අවශ්‍ය බවයි අනුර දිසානායක මහතා පැවසුවේ.

(LNW)