Friday, May 03, 2024
Follow Us
පොහොට්ටුව ලකුණ අත නොහැරීමට එකඟතාවක්

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ (11) රාති‍්‍රයේ පැවැත්වුණා.

ජනාධිපතිවරණයේදී පොහොට්ටුව හැර වෙනත් සලකුණකින් තරග කිරීම ඵලදායී නොවන බවයි එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මේ බව පැවසුවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක ද මෙහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ ජනාධිපතිවරණය ගැන මෙන්ම ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ යෝජිත ඡන්ද විමසීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ නිවසේදීයි.

මේ අතර ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින්ම තරග කළ යුතු බවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ති‍්‍රක් මාසික කමිටු රැස්වීමේදී ද යෝජනාවක් සම්මත වී තිබෙනවා.

මෙම යෝජනා සම්මතය ඉදිරියේදී පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම් දෙන බවයි රැස්වීමට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් ලංසා පැවසුවේ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංගගේ ගම්පහ පිහිටි කාර්යයාලයේදී රැස්වීම පැවැත්වුණා.

(Neth)