Thursday, May 02, 2024
Follow Us
රනිල්-සජිත් සාකච්ඡා යන අතරේ සජිත්ට සහය පළ කරන තවත් රැළි සංවිධානය වෙයි

අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අතර සාකච්ඡා තවදුරටත් සිදු වෙමින් තිබුණත් සජිත් පේ‍්‍රමාදාස අමාත්‍යවරයාට සහය පලකරන රැළි වෙනසක් නොමැතිව සංවිධාන කරන බව ඒවායේ සංවිධායකවරුන් පවසනවා.

නෙත් නිවුස් ඒ පිළිබඳව කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ මෙලෙස සංවිධාන කරන රැළි සාකච්ඡා සඳහා ද බාධාවක් නොවන බවයි.

අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අතර සාකච්ඡාවක් පෙරේදා (10) රාති‍්‍රයේද සිදු කෙරුණා. යම් එකඟතාවන් ඇති වුවත් එම සාකච්ඡාවද අවසන් වුයේ අවසන් විසදුමක් නොමැතිවයි.

ඒ අනුව ඉදිරියේ දී මාතලේ, මොණරාගල සහ රත්නපුර ආදී ප්‍රදේශවල තවත් රැළි කිහිපයක් පවත්වන්නට සූදානම් වී ඇති බවයි වාර්තා වුණේ. මේ වන විටත් බදුල්ල, මාතර සහ කුරුණෑගල මෙම රැළි පවත්වා අවසන්.

(Neth)