Friday, May 03, 2024
Follow Us
තෙවරප්පෙරුම බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම කළුතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ඊයේ (10) පස්වරු 5.30 ට පමණ මන්ත‍්‍රීවරයා කළුතර බන්ධනාගාරයට රැගෙන ආ බවයි. මතුගම අධිකරණ සංකීර්ණයේ සිටියදීම ඔහු රෝගී වූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මේ හේතුවෙන් කළුතර බන්ධනාගාරයට රැගෙන ආ මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝගී තත්ත්වය සුව වු පසු මන්ත‍්‍රීවරයා රෝහලෙන් කඩිනමින් ඉවත් කර සිර මැදිරියේ රඳවා තැබීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියාසිටියේ.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වතුසේවකයින් පිරිසක් විසින් අධිකරණ නියෝග ද කඩකරමින් පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් පුද්ගලික ඉඩමක භූමිදානය කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

(Neth)