Friday, May 17, 2024
Follow Us
සජිත්ගෙන් රනිල්ට ගුග්ලියක් !

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පමණක් තමන්ට ලබාදෙන ලෙසත්, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුවත් දිගටම අග්‍රාමාත්‍ය ධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා වෙතම තබාගන්නා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (10) රාත්‍රියේ පැවති රනිල් - සජිත් හමුවේදී යෝජනා කර ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගී වන මැති ඇමතිවරුන් 15 දෙනා අතරින් හතර දෙනෙක්ම සහ තවත් එජාප ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගෙන් අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව දන්නා නිසාත් ඒ අතරින් ඇතැමුන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් මේ පිළිබඳ පොරොන්දු පවා ලබාගෙන ඇති බව දන්නා නිසාත් රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව කෙරෙහි කිසිදු අවධානයක් යොමු කර නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)