Thursday, February 19, 2026
Follow Us
සාකච්ඡාවක් සඳහා එජාපයෙන් ශ්‍රීලනිපයට ඇරයුමක්

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙන්ම සෙසු පක්‍ෂ සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට සාකච්ඡාවකට පැමිණෙන ලෙසට එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ආරාධනාවක් සිදුකර ඇති බවයි මන්තී‍්‍රවරයා නොච්චියාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ.

එහිදී "බය නැතුව ඉන්න. ශ්‍රීලනිපය ඉතිහාසයෙත් මේ වගේ අසීරු කාලවලට මුහුණ දීලා තියෙනවා. ශ්‍රීලනිපය යළි ශක්තිමත් වෙන දිනය වැඩි ඈතක නෑ. එක්සත් ජාතික පක්ෂයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවකට ආරාධනා කරලා තියෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

(Neth)