Monday, January 12, 2026
Follow Us
ශ්‍රීලනිප මහ සමුළුවෙන් පසු රට පුරා තවත් සමුළු 22ක් – පළමු සමුළුව ගාල්ලට

සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවෙන් පසු මැතිවරණ දිස්ත්‍රික්ක 22 පුරා සමුළු 22ක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

එහි පළමු සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.

එහිදී 21 වන සියවසට ගැලපෙන ලෙස සැකසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය ද එළිදක්වන බව මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

(Lanka Leads)