Monday, January 12, 2026
Follow Us
සජිත් අපේක්ෂකයා නොකළොත් එජාපයේ පිරිසක් දේශපාලනයෙන් සමුගන්න සූදානමින්-හේෂා

මේ මස තිස්වෙනිදා වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීන්දු තීරණ ගන්නා බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

මේ මස 30 වනදා යනු තීරණාත්මක දිනයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දේශපාලන දිවියෙන් සමුගැනීමට වුවත් ඉඩ ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

(Lanka Leads)