Monday, January 12, 2026
Follow Us
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරණය ගැන විශේෂ උපදෙස් මාලාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (22) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය දැක්වෙන උපදෙස් මාලාවක් සියලුම ශ්‍රීලපොප මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සාකච්ඡා පවත්වා ඇති වෙනත් දේශපාලන පක්ෂ ගණනාවක් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී කතාබහට ලක්වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(LNW)