Monday, January 12, 2026
Follow Us
රනිල්ගෙන් එජාප මන්ත්‍රීවරුන්ට භෝජන සංග්‍රහයක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අද (21) අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

නව සන්ධානය සම්බන්ධයෙන් හා ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳව ඇති ගැටලු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බවට වාර්තා වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන භෝජන සංග්‍රහයක් සඳහා පැමිණෙන ලෙසද එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (20) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් කොළඹ , බාන්ස් පෙදෙසේ මරීනා ඇවිනිව්හි නිවසක පැවැත්විය.

(Aruna)