Sunday, January 11, 2026
Follow Us
හිස් වූ මන්තී‍්‍ර ධුරයට චන්ද්‍රිකා පත් කරන්න – ශ්‍රීලනිප මන්ත්‍රීවරු සහ සංවිධායකවරු ජනපතිට ලියති

පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.

මන්තී‍්‍ර ධුරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඇයට ලබා දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙන ලෙස ද එමගින් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳව විශේෂ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහා සමුළුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද එම වැඩිදුරටත් පවසයි.

(Lanka Leads)