Thursday, February 12, 2026
Follow Us
රන්ජන් ගේ මන්ත්‍රීධුරය අහෝසිවීම අනිවාර්යයි - නීතිවේදීන් පෙන්වා දෙයි

වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත්ව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නිතැතින්ම අහෝසි වන බව නීතිවේදීන් පවසනවා. ඒ, ඔහු ගොනුකර තිබූ රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කිරීම හේතුවෙන්. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මෙම රීට් පෙත්සම ගොනු කර තිබුණා.

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද උණුසුම් විවාද ඇති වුණා.

(Neth)