Thursday, February 12, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය ගැන කැබිනට් තීන්දුව තුන්වෙනි වරටත් කල් යයි. අප්‍රේල් 19 යළි සාකච්ඡාවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ සතියේ කැබිනට් රැස්වීමේදී ද එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මීට පෙර කැබිනට් රැස්වීම් දෙකකදීමත් මේ තත්වය උද්ගත වී තිබිණි.

කෙසේවෙතත් කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන මොහොතේ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත පැවසුවේ අප්‍රේල් 19 වෙනිදා පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

(LNW)