Thursday, February 12, 2026
Follow Us
අගරදගුරුතුමන් තමන් පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වෙන්වා- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

ඊයේ(05) නාවල දී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් විසින් තමන් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කණගාටු වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

එහිදී ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන්නේදැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ පළාත් සභා මැතිවරණ ට අදාල පනත් සම්මත වීමෙන් පසුව බව අවධාරණය කළේය. වැඩිදුරටත් කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත් පක්ෂය තුළ ඒ පිළිබඳව මෙතෙක් සාකච්ඡා කර නැති බවත්ය.

(Lanka LEads)