Friday, February 13, 2026
Follow Us
මැතිවරණ නීතිරීතිවල අඩුපාඩු හඳුනාගන්න විශේෂ තේරීම් කාරක සභාවක්

පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව මෙම 05 වැනිදා (සඳුදා) අගමැති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විතවේ. කතානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06ක් ඇතුළත කාරක සභාවේ නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව යෝජනාවේ සඳහන්වේ.

දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීම වේ.

(Aruna)