Friday, February 13, 2026
Follow Us
රනිල්ට වාරණ නියෝගයක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ.ජී ධම්මික චන්ද්‍රරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය හා මන්ත්‍රී ධූරය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ එම තීරණය වලක්වාලමින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වෙතය.

ලබන 12වන දා දක්වා වාරණ නියෝගය බලපැවැත්වේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කර තිබේ.

(Aruna)