Friday, February 13, 2026
Follow Us
රිමාන්ඩ් කළ රවී ඇතුළු 08 දෙනා බැලීම පිටස්තර අයට තහනම්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනාට පිටස්තර කිසිදු පුද්ගලයකු මුණ ගැසීමට අවස්ථාවක් හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණත් පිටතින් ආහාර ගෙන්වා ගැනීම ද තහනම් වනවා. ඒ, ඔවුන් වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන්.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් මීට පෙර වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණා. ඒ, කොළඹ බන්ධනාගාර වල රඳවනු ලබන රැඳවියන් නිරෝධනය කිරීම සඳහා එහි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හේතුවෙන්.

(Neth)