Friday, April 24, 2026
Follow Us
පාස්කු වාර්තාව විවාදයට දින දෙකක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාදිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා තවත් දින දෙකක් යෝජනා වී තිබේ.

මේ අනුව එළඹෙන සතියේ 25 සහ 26 යන දෙදින විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

(Aruna)