Friday, February 13, 2026
Follow Us
කාවින්ද ජයවර්ධන සී.අයි.ඩි.යට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ පසුගිය දිනෙක ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනි.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලා වහාම පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිතුමා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

(Aruna)