Friday, April 24, 2026
Follow Us
රංජන්ගේ නිවාඩු යෝජනාවට සිදුවූ දේ

මේ වන විට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවාඩු යෝජනාවක් ගෙනවිත් තිබේ. එම යෝජනාව කතානායකවරයා ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඬුවම් නියම කළ මන්ත්‍රීවරයකු තමාට පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි බව සඳහන් කර ඇති අතර නිවාඩු යෝජනාව භාරගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා තිබේ. මේ සම්බන්ධ උසාවි තීන්දුව නුදුරේම ලැබෙන බැවින් ඒ වනතෙක් සිටින ලෙස දැනුම් දී ඇත.

මේ අතර අභියාචනයක් ඉදිරිපත්කර ඇප මත සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවුයේ ඔහු දඬුවමක් විඳින අයෙකු නොවන නිසා බවත් ඔහු රිමාන්ඩ් භාරයේ සිටින්නකු බවත් කථානායකවරයා සඳහන් කර තිබේ.

(Aruna)