Friday, April 24, 2026
Follow Us
පාර්ලිමේන්තු සභාව අද දහවල් රැස්වෙයි

පාර්ලිමේන්තු සභාව අද දහවල් 12.30ට රැස්වීමට නියමිතව ඇත.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදීයි.

එහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නම් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ස්ථාපිත පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් වන්නේ අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුන් වේ.

(Aruna)