Saturday, February 14, 2026
Follow Us
අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන කොරෝනා පළමු පෙළ ආශ්‍රිතයෙක්

කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සභා නායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධනයට ලක්වී ඇති බව වාර්තාවේ.

දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධායනයට ලක්වීම හේතුවෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමට ඒ මහතා සහභාගී වී නැති අතර එම රැස්වීමට අමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ තම නිවසේ සිට සම්බන්ධ වී ඇති බවද පැවසේ.

(Lanka Leads)