Saturday, February 14, 2026
Follow Us
සරත් ෆොන්සේකාට ලැබුන අලුත් තනතුර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරනු ලබන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලබා ඇත.

මිට අමතරව සමගි ජන බලවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කර ඇත. එම පිරිස වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ය.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ.

(Aruna)