Sunday, April 26, 2026
Follow Us
කෝප් – කෝපා කමිටුවල නියෝජනය ඉහළට විපක්‍ෂය විරෝධය දක්වයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් සහ රජයේ ගිණුම් කාරක සභාව) කෝපා ඇතුළු කාරක සභාවල නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව කෝප් සහ කෝපා සඳහා දැනට සිටින මන්තී‍්‍ර සංඛ්‍යාවට අමතරව ආණ්ඩු පක්‍ෂයෙන් මන්තී‍්‍රවරුන් 05 දෙනකු සහ විපක්‍ෂයෙන් මන්තී‍්‍රවරුන් 03 දෙනකු බැගින් වැඩි කිරීමට තීරණය කර ඇත.

ආණ්ඩු පක්‍ෂයට මන්තී‍්‍රවරුන් 10 ක් සහ විපක්‍ෂයට මන්තී‍්‍රවරුන් 06 දෙනකු ලෙස කෝප් සහ කෝපා කමිටුව මෙතෙක් කලක් නියෝජනය කෙරිණි.

මේ ආකාරයට සෙසු කාරක සභාවල මන්තී‍්‍ර සංඛ්‍යාව ද ඉහළ දැමීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් විපක්‍ෂය මෙම සංයුතියට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

(Lanka Leads)