Wednesday, June 24, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද වැඩමුළුවක්

නව වන පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට අද(25) සහ හෙට(26) යන දින දෙකේ, දෙදින වැඩමුළුව පැවැත්වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පැවසේ .

එහිදී පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් , පාර්ලිමේන්තු ක්‍රමය, ස්ථාවාර නියෝග පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමට නියමිතයි. මේ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා

(Aruna)