Sunday, April 26, 2026
Follow Us
දෙමළ ජාතික සන්ධානය පුපුරයි: සුමන්තිරන් විසිවන ලකුණු

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මෙන්ම ඊළග නායකාය ලෙසද සැලකෙන එම්. ඒ. සුමන්තරන් මහතාට එරෙහිව මේ වනවිට පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.

විශේෂයෙන්ම ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කිලනාදන් සහ මාවෙයි සේනාධිරාජා මෙම සුමන්තිරන් විරෝධය පසුපස සිටින බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා දිනයේ මෙම පිරිස පක්ෂ නායක සම්බන්ධන් මහතාගේ කොළඹ නිවෙසේදී මුණගැසී මෙම විරෝධය ඍජුවම පළකොට ඇති බව පැවසේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් පමණක් නොව පාර්ලිමේන්තු කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන්ද සුමන්තිරන් මහතා ඉවත් කළ යුතු බවකි.

මෙම සාකච්ජාවට සුමන්තිරන් මහතාට ආරාධනා කර තිබුණද ඊට ඔහු එක්ව සිට නැත.

කෙසේවෙතත් මෙම ඉල්ලීම සලකා බැලීමට සම්බන්ධන් මහත් එකගතාව පළ කොට තිබේ.

(Lanka Leads)