Tuesday, February 17, 2026
Follow Us
රාජිතට එරෙහිව අධිචෝදනා

හිටපු ධිවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද (20) අල්ලස් කොමිසම, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.

2014 වසරේ අගෝස්තු පළවන දා සහ එම වසරේ නොවැම්බර් මස පළවන දා අතර කාලය තුල මෝදර ධිවර වරාය පුද්ගලික සමාගමට අඩු මුදලකට බදුදීම සඳහා ධිවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹවීම තුලින් රජයට පාඩු සිදුකිරීම මේ සඳහා ඇති චෝදනාවයි . මේ සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රය ගොනුකර තිබේ.

සෙසු විත්ති කරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන පිරිස නම් කර තිබේ.

(Aruna)