Friday, July 18, 2025
Follow Us
රන් ආලේපිත ගිනි අවිය සිද්ධියේ කාන්තාවට ඇප ලැබෙයි
පසුගියදා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශාඛා අයිරාංගනී විරකෝන් නමැති සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙම නියෝගය ප්රකාශයට පත් කර තිබේ.
 
ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය විසිපහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමටත් අධිකරණය විසින් නියම කර ඇත.