Tuesday, June 23, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ ආසන 02 ක් හිස්

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, ලබන 20 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂ ලබා ගත් ජන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 01 බැගින් හිමි විය. කෙසේ වෙතත් එම පක්ෂ දෙකෙන් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර නොමැති බැවින්, මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් එම නම් ගැසට් කර නොමැත.

(Lanka Leads)