Tuesday, February 17, 2026
Follow Us
මං බලාපොරොත්තුවෙන් හිටියෙ ස්වර්ණාභරණ නෙවෙයි මහාමාර්ග අමාත්‍යාංශය - ලොහාන්

තමන් බලාපොරොත්තුවෙන් සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය නොව මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය බව ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

"මම මේ අමාත්‍යාංශය බලාපොරොත්තුව හිටියෙ නෑ. හැබැයි අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත මං මේක බාරගත්තා. ඒ අවශ්‍ය විදියට හොර මැර වංචා දූෂණ නැතුව මේ අමාත්‍යාංශය ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමට මං බලාපොරොත්තු වෙනවා.

මම ඇත්තෙන්ම බලාපොරොත්තු වුණේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය. ඒක ලැබුණෙ නෑ, හැබැයි ඉතිං ඒකෙ ප්‍රශ්නයක් නෑ. මට වගකීමක් බාරදුන්නොත් ඒ වගකීම මං 100%ක් ඉෂ්ඨ කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ලොහාන් රත්තවත්තේ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩ බාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)