Tuesday, February 17, 2026
Follow Us
රනිල්, පාඨලී, මංගල ඇතුළු පිරිසකට දේශපාලන පලිගැනීම් කොමිසමෙන් කැඳවීම්

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ලබන 21 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ වෛද්‍ය නිහාල් ජයතිලක එම කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුවයි. එදින දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන්ට ද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

(NEth)