දේශගුණ විපර්යාස හේතුවෙන් 2050 වන විට අප්‍රිකාවේ අවසන් ග්ලැසියර ද දියවී අවසන් වනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ නවතම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත් වී තිබෙනවා. ඔහුට හිමි ලකුණු සංඛ්‍යාව 697ක්.
මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවලට සමගාමීව අක්ත ගන්වා ඇති එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 28 වැනි සිකුරාදා දින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ (OAS) මූලස්ථානයේ දී, එහි මහලේකම් තානාපති ලුයිස් අල්මාග්‍රෝ මහතා හමුවිය. මෙම තත්ත්වය හිමි රටවල් 71 න් එකක් ලෙස සහ, එම සංවිධානයේ නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස එතුමා මෙලෙස සිය අක්තපත්‍ර පිළිගැන්වීය.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.
චීනයේ ෂැංහයි නගරයේ පිහිටි ඩිස්නිලන්තය සංචාරකයින් සිටියදීම අගුලු දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ හේතුවෙන් සංචාරකයින් රැසක් ෂැංහයි හි පිහිටි ඩිස්නිලන්තය තුළ සිරවී සිටින බවයි.
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි (02) සමත්විය.
ඊශ්‍රායලයේ මහ මැතිවරණයෙන් හිටපු අගමැති බෙන්ජබින් නෙතනියාහු ජයගනු ඇතැයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ ආසන 120 න් 61 හෝ 62 ක් ඔහුට හිමිවනු ඇති බවටයි.
සමාජය තුළ සිය වැදගත් කාර්යභාරය ඉටු කිරීම පමණක්ම හේතුවෙන් 2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසයි.
ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වීමේ අවස්ථාවක් උදා වී තිබේ.
කටාර් රාජ්‍ය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 55 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (01) පරිත්‍යාග කෙරිණි. එම ප්‍රදානය ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීම් ජේබර් අල් සෝර් ( Jassim Jaber Al Sorour) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාර දුන්නේ ය.
Page 115 of 387