ලෝක සිතියම තුළ අප්රිකාවේ සැබෑ විශාලත්වය නිවැරදිව පෙන්වීම සඳහා නව ලෝක සිතියමක් පිළිගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය ප්රකාශ කර තිබේ.
මෙතෙක් ලොව පුරා භාවිත කළ මර්කේටර් සිතියම මගින් අප්රිකාව කුඩා කර දැක්වීම නිසා එහි සැබෑ භූගෝලීය වැදගත්කම යටපත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ටෝගෝ රාජ්යයේ අනුග්රහයෙන් සහ අප්රිකානු සංගමයේ සාමාජිකයන්ගේ සහයෝගයෙන් ඉදිරිපත් වූ මෙම ‘සිතියම නිවැරදි කිරීමේ’ යෝජනාවට ප්රංශය, බ්රිතාන්යය ඇතුළු රටවල් 164ක අනුමැතිය හිමි වී තිබේ.
ඊට එරෙහිව ඡන්දය ප්රකාශ කළ එකම රට එක්සත් ජනපදය වන අතර, රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
16 වන සියවසේ සකස් කරන ලද මර්කේටර් සිතියම මගින් සමකයට ආසන්න රටවල් කුඩා කර පෙන්වන අතර ධ්රැව ආසන්න රටවල් විශාල කර පෙන්වීම නිසා මෙලෙස විශාල විකෘති වීමක් සිදුව ඇති බව සඳහන්.
අප්රිකාව සහ ග්රීන්ලන්තය එකම ප්රමාණයකින් පෙන්වීම මෙම දෝෂයට ප්රධානතම නිදසුනක්
එක්සත් ජාතීන්ගේ මෙම තීරණය බැඳියාවකින් තොර එකක් වුවද, ලොව පුරා ආයතන විසින් භාවිතා කරනු ලබන සිතියම් මීට අනුකූලව වෙනස් වනු ඇති බවයි වාර්තා වන්නේ.
සාධාරණ ලෝකයක් බිහිවීම සඳහා සාධාරණ සිතියමකින් ආරම්භ විය යුතු බව ටෝගෝ විදේශ අමාත්යවරයා කියා සිටි.
කෙසේ වුවද, අමෙරිකානු නියෝජිතවරිය ප්රකාශ කර ඇත්තේ ජාත්යන්තර සාමය වෙනුවෙන් අවධානය යොමු කළ යුතු අවස්ථාවක මෙවැනි 16 වන සියවසේ සිතියම් පිළිබඳ විවාද කිරීමෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අරමුණ හාස්යයට ලක්වන බවයි.