ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් ආසන්න අත්ලාන්තික් සාගරයේ දින 27 ක් පුරා අතරමංව තිබූ බෝට්ටුවක් මුදාගැනීමට ස්පාඤ්ඤ නාවික හමුදාව සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
44 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ අතර 80 දෙනෙකු පමණ මියගොස් ඇති බවටයි අනුමාන කරයි.
පුද්ගලයින් 127 දෙනෙකු රැගත් මෙම යාත්රාව ඉකුත් අගෝස්තු මාසය ආරම්භයේ ගැම්බියාවෙන් ගමන් ආරම්භ කර තිබේ.
අත්ලාන්තික් සාගරයේ දරුණු කාලගුණ තත්වය හමුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කැනරි දූපත් හි අගුයිනෙගුයින් වෙරළට නාවික සැතපුම් 65 ක් නිරිත දෙසින් පිහිටි මුහුදු ප්රදේශයේදී බෝට්ටුව සොයා ගෙන තිබෙන අතර බේරා ගනු ලැබූ පිරිසෙන් බරපතල තත්ත්වයේ පසු වූ තිදෙනෙකු ගුවන් මගින් රෝහල්ගත කර තිබේ.