Monday, May 04, 2026
Follow Us
ඉරානයෙන් අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි. 

ඉරානය විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් (Jask) දූපත අසලදී අමෙරිකානු යුද නෞකාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව එරට මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියට අමෙරිකානු යුද නෞකා ඇතුළු වීම වැළැක්වූ බව ඉරාන නාවික හමුදාව එරට රජයේ රූපවාහිනිය ඔස්සේ තහවුරු කර තිබේ.