උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.
ජපාන කාලගුණ විද්යා ඒජන්සිය වාර්තා කර ඇත්තේ එය එරට වේලාවේන් උදෑසන 5.24ට සිදුව ඇති අතර රික්ටර් මාපක 6.2ක අගයක් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් එම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.
නමුත් ජපාන කාලගුණ විද්යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ ප්රබල කම්පන ඇතිවූ ප්රදේශවල ගල් කඩා වැටීම් හා නායයෑම් අවදානම වැඩිවී ඇති බවය.