මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සාම සාකච්ඡාව සඳහා ඔවුන් අද (25) දින පාකිස්තානය බලා යාමට සැලැසුම් කර සිටියත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය නියෝජිතයින්ට අදාළ සංචාරය සිදු නොකරන ලෙස දැනුම් දී ඇති බව ද මාධ්‍ය වාර්තා පළ වේ.