සටන් විරාමය අවසන් වන විට කිසිඳු ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් ඉරානය සමග නැවත යුද්දයකට යාමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි.
කඩිනමින් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට යළි බෝම්බ හෙලීම ආරම්භ කරන බවත් ඒ සඳහා දැඩි සූදානමකින් සහ උනන්දුවකින් සිටින බව ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ යුදමය තත්ත්වය වර්ධනයක් සිදු වුවහොත් ඉන් ලෝකයට සිදු වන බලපෑම පිළිබඳ විමසිලිමත් විය යුතු කරුණි.