ලබන බදාදා වන විට සාකච්ඡා මගින් එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, ප්රකාශයට පත්කර ඇති සටන් විරාමය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ මෙම ප්රකාශයත් සමඟ යළිත් වරක් යුධමය ක්රියාමාර්ග ආරම්භ වීමේ අවදානමක් මතුව ඇති බව ද විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
මේ අතර, දෙපාර්ශවය අතර දෙවන වටයේ සාකච්ඡා ලබන සඳුදා ඉස්ලාමාබාද් නුවර දී පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.
එවන් පසුබිමක ඉරානය විසින් අද යළිත් හෝමූස් සමුද්ර සන්ධිය වසා දැමීම නිසා නැවතත් දෙරට අතර උණුසුම් සහ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.