ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන සමුද්රීය ගමනාගමනයට එරෙහිව එක්සත් ජනපදය විසින් අවහිර කර තිබෙන බව වාර්තා වෙයි.
ඉරානයේ වෙරළට හෝ ඉන් පිටතට යන යාත්රාවලට බාධා කරන හෝ ආපසු හරවන බව එක්සත් ජනපද හමුදා ප්‍රකාශ කර තිබෙන නමුත් වෙනත් තැනකින් පැමිණෙන හෝ යන නැව්වලට හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර දෙන බව වොෂින්ටනය ප්‍රකාශ කර තිබේ.
ඉරානයෙන් පිටත්වූ නෞකා 06ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය තුළ නැවතත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ