ඉන්දියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගම වන අදානි හරිතාගාර බලශක්ති සමාගම 2025-26 මූල්‍ය වර්ෂය ඇතුළත එම සමාගමේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවට ගිගාවොට් 5 ක අමතර ධාරිතාවක් එක් කරමින් සම්පූර්ණ ධාරිතාව ගිගාවොට් 19.3 දක්වා ඉහළ නංවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන හා මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් උද්ගත වී ඇති බලශක්ති අර්බුදය මධ්‍යයේ අදානි සමාගම විසින් ඉහළ නංවා ඇති පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඕනෑම සමාගමක් ගෝලීය වශයෙන් ව්‍යාප්ත කර ඇති ඉහළම පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙය බව ද වාර්තා වේ.
අදානි සමාගමේ නව පුනර්ජනනීය බලශක්ති ධාරිතාවට සුර්ය බලශක්තිය ගිගාවොට් 3.4ක් වන අතර, මීට අමතරව ගිගාවොට් 0.7ක සුළං බලශක්තියක් සහ ගිගාවොට් 1ක සුළං සහ සූර්ය දෙමුහුන් බලශක්ති ධාරිතාවක් ද ඇතුළත් වී තිබේ.
ගුජරාට් ප්‍රාන්තයේ කව්ඩා නුවර ඉදි කර ඇති අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර් 538ක වපසරියකින් සමන්විත වී ඇති බවත්, එය පැරීසියේ මුළු භුමි ප්‍රමාණය මෙන් පස් ගුණයක විශාල ප්‍රදේශයක් බවත් වැඩිදුරටත් වාර්තා වේ.