Thursday, April 02, 2026
Follow Us
වසර 53කට පසු සඳ ගවේෂණ  Artemis II යානය සාර්ථකව ගමන් අරඹයි

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ මෙම යානය සිය මෙහෙයුම් කටයුතු අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය (SLS) දියත් කරන ලද අතර එහි ප්‍රධාන එන්ජිම සහ රොකට් බූස්ටර දැල්වී එය කක්ෂයට යවා තිබේ.

දින 10ක ගවේෂණ චාරිකාවක් වන මෙහිදි සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවන බව වාර්තා වේ.

මිනිසා සඳ මත පා තැබීමෙන් අනතුරුව සඳ ආසන්නයට මිනිසුන් ගමන් කරන පළමු අවස්ථාව මෙය වේ.